Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ලසිත් මාලිංග නම්කර නැහැ.
සංචිතයට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එක්කර ඇත්තේ වසර 3කට පසුව වීම විශේෂත්වයක්.
එමෙන්ම 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැදවා තිබෙනවා.
තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් ද ලබන 14 වනදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇති.
දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය, ලහිරු කුමාර, ශෙහාන් මදුෂංක, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන් සහ බිනුර ප්‍රනාන්දු සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.