Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දියාවේ ජය විනිසුරුවන් ප්‍රමාද කළ හැටි

දකුණු අප්‍රිකාවට සමඟ තරඟ 06 කින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (04) දෙවන තරඟය කඩුලු 09කින් ජයගැනිමට ඉන්දියාව සමත් වුණා.
සෙන්චුරියන් හි පැවති එම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 118ක් පමණයි.
පන්දුවාර 20 යි පන්දු 03 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් බිඳ වැටී ලකුණු 119ක් ලබා ගනිමින් ඉන්දියාව තරඟයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා.
මෙම තරඟය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 02ක් ඉතිරිව තිබියදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
පිටියේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කළ පකිස්ථානයේ අලීම් ඩාර් සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් ජයග්‍රහණයට ඉන්දීය කණ්ඩායමට ලකුණු 02ක් ඉතිරිව තිබියදී දිවා ආහාරය සඳහා තරඟය නතර කිරීමට තීරණය කරනවා.
කෙසේ වෙතත් විනිසුරු අලීම් ඩා ගත් එම තීරණයකට ඉන්දීය නායක විරාත් කෝලි සිය විරෝධය පල කර සිටිනවා.
විනාඩි 40ක දිවා විවේකයෙන් පසු නැවතත් තරඟය ආරම්භ කළ අතර තරඟයේ අවසන් තීරණය දැක බලා ගැනීමට සෙන්චුරියන් පාර්ක් ක්‍රීඩාංගනයට පැමිණි ප්‍රේක්ෂකයින්ට එතෙක් බලා සිටින්නට සිදුවුණා.
එම අවස්ථාව පහතින්.