Gossips

දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පළමු ඉනිම සුණු විසුණුවී ගියේ මෙහෙමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 154කට සීමා වුණා.
ඒ දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 222ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස් කළ අතර ලහිරු තිරිමාන්න ලකුණු 29ක් සහ කුසල් පෙරේරා ලකුණු 20ක් රැස් කළා.
සෙසු කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී කන්ගිසෝ රබාඩා කඩුලු 04ක් සහ ඩුආනා ඔලිවිර් කඩුලු 03ක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව මීට සුළු මොහොතකට පෙර සිය දෙවන ඉනිම ආරම්භ කළා.