Gossips

දකුණු අප්‍රිකානු දඟ පන්දුව දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ඉවත් වී තිබෙනවා.
ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි මෙම තරඟයෙන් ඉවත්ව ඇති බවයි.
ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශම්සි කඩුලු 04ක් බිඳ දැමුවා.
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය ලබන 20 වනදා කොළඹදී ආරම්භ වනවා.