දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර, පැවැත්වෙන තුන්වන එක්දින තරඟය අද (07) කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ වනවිට තරඟ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවන ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ද ජයග්‍රහණය කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් ප්‍රකාශ කළේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරු කුවින්ටන් ඩිකොක්, අද තරඟයට සහභාගි වන්නේ නැහැ.
