Gossips

දකුණුදිග සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

දකුණු දිග සෝමාලියාවේ කිස්මායු ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අල්ෂබාබ් සටන්කාමීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා පැමිණි මෝටර් රථයට ආරක්ෂක අංශ සාමාජිකයින් කඳවුරට ඇතුළුවීමට පෙරම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.
අල්ෂබාබ් සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් විසින් පසුගිය සිකුරාදා නිරිතදිග සෝමාලියාවේ ජමාමේ නගරය ආසන්නයේදී එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු විශේෂ බලකායේ භටයෙකුද ජීවිතක්ෂයට පත්වුණා.