Gossips

දකුණට ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

කළුතර සිට මාතර දක්වා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතර පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගත් තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
දෙවිනුවර ප්‍රදේශයේදී ඊයේ (29) ගංජා ග්‍රෑම් 530 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදීයි මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අද සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු සමඟ ඔහු ගමන්කළ මෝටර් රථයද පොලිසිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී පොලිසිය විසින් ගංජා කිලෝ 2යි ග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙක්.
පොලිසිය විසින් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අණාවරණ වී ඇත්තේ සැකකරු කුලී රථ සේවා සපයන ආයතනයක සේවය කරමින් මෙලෙස කේරල ගංජා ප්‍රවාහනය සිදුකර ඇති බවයි.
සැකකරුගේ පියා විශ්‍රාමලත් බන්ධනාගාර ජේලර්වරයෙකු බවද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඔහු දෙවිනුවර, දික්වැල්ල, හම්බන්තොට යන ප්‍රදේශවලට කේරළ ගංජා සපයා ඇති බවටයි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකරු අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාතර පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.


(ඡායාරූප – මාතර අදීශ ආරියතිලක)