Gossips

දකුණට, කළුතරට සහ රත්නපුරට තද සුළං

දකුණ පළාත සහ කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද දිනයේ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළං පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර අගයක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව ඌව සහ නැගෙනහිර යන පළාත්වලට මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.