Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ අනතුරු ඇඟවීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 25 වන කිලෝමීටර කණුව අසළදී මෝටර් රථ 3 ක්, කැබ් රථයක් සහ බවුසරයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.
මේ අතර පවතින වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මෝටර් රථවල විදුලි පහන් දල්වාගෙන රිය පදවන ලෙසයි.