Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථ නවයක් එකිනෙකට ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහහැතැක්ම අතර පනස් හත්වන කණුව අසලදී මාතර බලා දිවෙන මංතීරුවේ ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුවූ අනතුරකින් මෝටර් රථ 09 කට බරපතළ හානි සිදුව තිබෙනවා.
කොළඹ සිට මාතර බලා ගමන්ගත් මෝටර් රථයක් හදිසියේම තිරිංග ගැසීම හේතුකොටගෙන පිටුපසින් පැමිණි මෝටර් රථ පෙළක් එකිනෙක ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අනතුරින් මෝටර් රථවලට හානි සිදු වූ අතර එහි ගමන් ගත් කිසිවකුටත් තුවාල සිදුවී වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ උත්සව දිනවල ඇතිවන තදබදය නිසා මෙවැනි අනතුරු සිදුවන බව අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය පවසනවා.
මේ අතර රියදුරන් තම වාහනය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේදී සැලකිලිමත්වන ලෙසට ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එසේම වාහන ධාවනයේදී වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමෙන් අනතුරු වළක්වා ගත හැකි බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.