Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවක් ගැන හෙළිවෙයි

කාර්යාල සේවා යන නාම පුවරුවට මුවා වී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍ර පවා නිකුත් නොකර මෙලෙස මගී ප්‍රවාහන සිදුකිරීම හරහා අධිවේගී මාර්ගයේ අදාළ බස් රථ අනතුරට ලක්වුවද එහි මගීන්ට වගකීමට කිසිවෙකුත් නොමැති බවයි.
අද සී.අයි.ඒ.අනාවරණය කරන්නේ එම නීති විරෝධී මගී ප්‍රවාහන සිදුවන අයුරු පිළිබදවයි.