Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසල රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන ස්ථානයේ සිදුකරන ඉදිකිරීම් කටයුතු හේතුවෙනුයි මෙම රථවාහන තදබදය හටගෙන ඇත්තේ.
මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට ගමන් ගන්නා රථවාහන ගොඩගම පිවිසුම ආසන්න වනවිට වේගසීමා පිළිබඳව අවධානය යොමුකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.