දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී හෙරොයින් අඩංගු පාර්සලයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කඩුවෙල පිවිසුමෙන් මාතර දෙසට අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක් කළා.
පසුව එහි තිබී ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 100ක හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
