Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැබ් රථයක් පෙරළී හතරදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 98 වන කිලෝමීටර් කණුව අසලදී අද අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යකඩ වැටටද දැඩි හානි සිදුවී ඇති බවයි පොලීසිය කියා සිටියේ.