දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ ඉදිකිරීම් 2019 වසරේ ජනවාරි මාසය වනවිට නිමා කිරීමට හැකිවනු ඇති බව එහි ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් ඉංජිනේරු සමාගම පවසනවා.
මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 25 ක් දිගින් යුත් මාර්ගයේ අවසාන පාලමේ ඉදිකිරීම් නිමා කිරීමේ අවස්ථාවට අද (25) එක්වෙමින් මේ බව සඳහන් කළේ එහි වැඩබලන ව්‍යාපෘති කළමනාකරු විසින්.
මෙම සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 2016 වසරේදීයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිව්වන අදියර විවෘත කිරීමෙන් පසු හම්බන්තොට සිට කොළඹට පැය දෙක හමාරක කාලයකින් ගමන් කළහැකි බවයි ඉංජිනේරු සමාගම පවසන්නේ.
(ඡායාරූප – නුවන් ජයසේකර – සුරියවැව)