Gossips

දක්ෂිණ අධිවේගයේ වාහන 6 ක් ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න – 48 කණුව ආසන්නයේදී අද රථවාහන 06 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් ගාල්ල දෙසට වන එක් මංතීරුවක අවහිරයක් පැවති අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මෝටර් රථ 03 ක්, ජීප් රථ දෙකක් සහ කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් වාහනවලට සුළු හානි සිදුව තිබෙනවා.