Gossips

දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 13 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ රියදුරුයි.
36 හැවිරිදි ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.