Gossips

තොරතුරු තාක්ෂණයේ නිපුණයන් බිහි කිරීම සඳහා පොදු සැලැස්මක්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණයන් ශ්‍රී ලංකාව තුළින් නිර්මාණය කර ගැනීමට නම් රජය සහ පෞද්ගලික අංශය එක්ව පොදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නෝර්වේ සංචාරය අතරතුර දෙරටේ ව්‍යාපාරිකයින් හමුවූ අවස්ථාවේදියි.
අග්‍රාමාත්‍යවරයා නෝර්වේ ඔස්ලෝ නුවර පිහිටි භූ තාක්ෂණික ආයතනයේ කටයුතු නිරීක්ෂණය සඳහා ද එක්වුණා.
අදාළ ආයතනය විසින් මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, නාය යාම් හා ආපදා පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට දැනටමත් දායකත්වය දක්වනවා.