Gossips

තොරණ සහ දන්සල් තහනම් කර නැහැ – රජයෙන් ප්‍රකාශයක්

වෙසක් සහ පොසොන් පොහෝ දිනයන් හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තහනමක් පිළිබදව ඇඟවීමක් ඇති වන ආකාරයේ බුද්ධශාසන කටයුතු පිළිබද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා උපුටා දක්වමින් පළ කොට ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියෙකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
වෙසක් සහ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයන්හි ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන් හිදී පමණක් තොරණ සහ දන්සල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම්, වඩා උචිත යැයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
අදාළ ඉල්ලීම අමාත්‍යවරයා සිදුකර ඇත්තේ බුද්ධශාසන උපදේශක කමිටුවේ එකඟතාව මත බව ද සඳහන්.
එම ඉල්ලීම මගින් කිසිසේස්තම තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.