Gossips

තොරණකට ගස් කැපූ බවට, නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මීට වසර 40කට පමණ පෙර බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියට වසර 40ක් පිරීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කර, තොරණක් ඉදිකිරීම සඳහා ඉඩ කඩ ලබා ගැනීමේ අරමුණින් මෙලෙස ගස් කපා ඉවත් කර ඇති බවටයි වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ කියා සිටියේ දිරාපත්වීම හේතුවෙන් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ බවයි.