Gossips

තොණ්ඩමන් දෙපැත්තෙන්ම ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තම පක්ෂය බහුතර බලය ලබා ගත් ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගත්, බහුතර බලය නොගත් ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
එම කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.