තොටළඟ – හජීමාවත්තේ අද අලුයම සිදුකළ වැටලීමකදී හොරෙන් විදුලිය ලබා ගත් 110 දෙනෙකු ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෝදර පොලීසියේ සහය ඇතිව මෙම වැටලීම සිදුකළ බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ග්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත භාර දුන් බව ද ඔහු සඳහන් කළා.
