Gossips

තේ වලට හොඳ මිලක්

ඉදිරිපත් වූ නිෂ්පාදනය පහත වැටීම සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී තේ වර්ග බොහොමයකට ඉහළ මිලක් හිමිවී තිබෙනවා.
වෙන්දේසියට තේ කිලෝග්‍රෑම් හතලිස් හය ලක්ෂ 78,906 ක් ඉදිරිපත් වූ අතර, පසුගිය සතිය සඳහා තේ කොළ ග්‍රෑම් හැටහතර ලක්ෂ 48, 809 ක් ඉදිරිපත් වුණා.
වතුවල තබා අලෙවි කරන තේ තොගය ද කිලෝග්‍රෑම් දස ලක්ෂ 85,000 සිට අට ලක්ෂ 28,000 දක්වා අඩු වී තිබෙනවා.
මේ අනුව, මධ්‍යම කඳුකරයේ බී. ඕ.පී සහ බී. ඕ.පී.එෆ් තේ වර්ගවල මිල රුපියල් 50 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය බවයි තැරැව්කරුවන් සඳහන් කළේ.
කුඩා තේ වතු හිමියන් බහුතරයක් නියෝජනය කරන පහත රට තේ වර්ගවල මිල ද සැලකිය යුතු අන්දමින් වර්ධනය වූ බව සඳහන්.