Gossips

තේ වලට යළිත් රතු එලියක්

ජපානයට ආනයනය කරනු ලබන මෙරට තේ පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුවී ඇති බව තේ නිෂ්පාදකයින් පවසනවා.
ග්ලයිෆොසේට් තහනමත් සමඟ මෙරට තේ වගාව සඳහා භාවිත කළ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් එරට පරීක්ෂණාගාර තුළ ශ්‍රී ලංකා තේ වල ප්‍රමිතිය අසමත් වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයෙන් විමසීමක් කළා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එවැනි රාවයක් පැතිර තිබුණද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
නමුත් එවැනි ක්‍රියාවක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුකරන බවයි එම නිලධාරීයා සඳහන් කළේ.
මේ අතර, ග්ලයිෆොසේට් වල් නාශකය තහනම් කිරීමෙන් පසු එම්.එස්.ජී. හෙවත් මොනොසෝඩියම් රස කාරකය ආනයනය කිරීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පසුගිය වසර තුළ පමණක් එම්.එස්.ජී. මෙට්රික් ටොන් දෙදහසක් ආනයනය කර ඇති බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.