Gossips

තේ වත්තක අභිරහස් මළසිරුරක්

තේ වත්තක සේවයකළ හැත්තෑ හැවිරිදි සිව්දරු පුද්ගලයකුගේ මළසිරුරක් වත්ත පහල කැළෑරොදකින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ අගලවත්ත ඕමත්ත අළුත්වත්ත ප්‍රදේශයේ පුද්ගලික තේ වත්තක සේවය කළ පුද්ගලයෙක්.
අළුත්ගම කාලවිල පදිංචි කාලවිල පතිරගේ දොන් පියදාස වන මොහු තම බිරිද සමග මීට වසර හතරකට ඉහතදි ඕමත්ත අළුත්ව‍ත්තේ ඇති මෙම වත්තේ සේවයට පැමිණන එහි ඇති කුඩා නිවසක ජීවත්ව තිබෙනවා.
09වනදා උදෑසන නිවසෙන් පිටව ඇති මොහු දහවල් වන තෙක් නිවස කරා නොපැමිණි හේතුවෙන් ඒ පිළිබද ‍සෙවීමට තම බිරිද කටයුතු කළ අතර රාත්‍රි අටට පමණ තම සැමියාගේ මළසිරුර එම තේ වත්තේ කැලැරොදක තිබියදි සොයාගෙන තිබෙනවා.
මිය යන විට ඇදගෙන සිටි ටී ෂර්ටි එක පපු ප්‍රදේශයෙන් ඉහලට එසවී හිස වැසි තිබෙන ආකාරයෙන් දක්නට ඇති අතර මියගිය පුත්ගලයාගේ බිරිද හා පුතෙකු පවසා සිටියේ මෙම මරණය සැක සහිත මරණයක් බවයි.
මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුරපරික්ෂණ අගලවත්ත පොලිසිය විසින් පවත්නු ලබනවා.