තේ නැවත වගා කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් පන් ලක්ෂයක සහනාධාරය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට තේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවයි එහි සභාපති එල්. විජේවර්ධන කියා සිටියේ.
මෙරට තේ කර්මාන්තයෙන් සියයට 75 ක් වගා කරනු ලබන්නේ කුඩා වතු හිමියන් විසින්.
