තේ සහ රබර් සදහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා.
අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක විසින්.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු සිදුවූ පළමු කැබිනට් රැස්වීමයි අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ.
පුරා පැය 2 කට අධික කාලයක් සාකච්ඡාව පැවැත්වුණා.
