Gossips

තේ නිෂ්පාදන ඉලක්ක දුරස් වෙයි

මේ වසරේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන සහ අපනයන ඉලක්ක ළඟා කර ගැනීම දුෂ්කර වනු ඇතැයි වතු වැවිළිකරුවන්ගේ සම්මේලනය පවසනවා.
2018 වසර තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 320ක් නිෂ්පාදනය කිරීමටත්, එමගින් රුපියල් බිලියන 260ක අපනයන ආදායමක් හිමි කර ගැනීමටත්, වැවිළි අංශ අපේක්ෂා කළා.
ජපාන වෙළදපොළ අහිමි වීම සහ වතු සේවක වර්ජන සහ විරෝධතා ඇතුළු කරුණු රැසක් හේතුවෙන් එම ඉලක්කය කරා ළඟා විය නොහැකි බව වැවිළිකරුවන්ගේ සම්මේලනය කියා සිටියා.