Gossips

තේ නිෂ්පාදනය ප්‍රකෘතිමත් වෙයි

පසුගිය වසර කිහිපය තුළදී අයහපත් කාලගුණය හේතුවෙන් පහත වැටී තිබූ මෙරට තේ නිෂ්පාදනය දැන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව තේ තැරැව්කාර සමාගම් පවසනවා.
මේ වන විට තේ නිෂ්පාදන ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතින අතර තේ වගාවට යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වසරේ මුල් කාලය තුළ උණුසුම් වියළි කාලගුණයක් පැවති අතර, මේ වන විට අන්තර් මෝසම් වැසි ආරම්භ වී තිබෙනවා.
එය තේ වගාවට පොහොර යෙදීමට ද සුදුසු කාලයයි.
මේ හේතුවෙන් අප්‍රේල් සහ මැයි මාස වන විට තේ නිෂ්පාදනයේ වර්ධනයක් දැකිය හැකි බව තැරැව්කාර සමාගම්වල අදහසයි.
විශේෂයෙන් බටහිර කඳු බෑවුම් ප්‍රදේශවල උසස් වර්ගයේ තේ වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමක් ද මෙහිදී අපේක්ෂා කෙරෙනවා.