Gossips

තේ නිෂ්පාදනය ඉහළට

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6 දක්වා කිලෝග්‍රෑම් මිලියන 3.9 කින් ඉහළ ගොස් තිබෙනවා.
එය සියයට 15 ක වර්ධනයක් ලෙස සැළකිය හැකියි.
වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 253 ක් නිෂ්පාදනය කර ඇති අතර, එය වර්ධනය වී ඇත්තේ සියයට 2 ක නාමික ප්‍රතිශතයකින්.
ඉහළ කඳුකරයේ, මැදි රට මෙන්ම පහත රට යන අංශ තුනෙහිම තේ නිෂ්පාදනයේ වර්ධනයක් ඔක්තෝම්බර් මාසයේදී දක්නට ලැබෙනවා.
කෙසේ නමුත් වසරේ මුල් මාස 10 සැළකූ විට ඉහළ කඳුකරයේ නිෂ්පාදනය පෙර වසරට සමාන වන අතර, මැදි රට නිෂ්පාදනය ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
එහිදී පහතරට තේ නිෂ්පාදනයේ පහත වැටීමක් දක්නට ලැබෙන බවයි ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරැව්කරුවන් සඳහන් කළේ.