Gossips

තේ නිෂ්පාදනයේ පහත වැටීමක්

ගතවූ 2018 වසරේදී මෙරට තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 3.8කින් පහත වැටී තිබෙනවා.
විශේෂයෙන් පහත රට තේ වර්ගවල නිෂ්පාදනය අඩාලවීමත් සමඟ වාර්තාවූ මෙම අපගමනය සියයට 1.2 ක් ලෙස සැළකිය හැකියි.
තැරැව්කාර සමාගම් ප්‍රකාශ කරන පරිදි 2018 වසරේදී පහත රට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 191.8 ක් වූ අතර, එය පෙර වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 5.4 ක පහත වැටීමක්.
ඉහළ කඳුකරයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 63.6 ක් ලෙස නොවෙනස්ව පැවති අතර, මැදි තේ වගාවේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 45.7 ක් ලෙස කිලෝග්‍රෑම් මිලියන 1.6 කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම සී ටී සී තේ නිෂ්පාදනය 2018 වසරේදී කිලෝග්‍රෑම් මිලියන 23.9 ක් ලෙස වාර්තාගත අගයක් සටහන් කළ බවයි තැරැව්කාර සමාගම් සඳහන් කළේ.