Gossips

තේ කෝප්පයක මිල රුපියල් 5කින් පහලට – බේකරි නිෂ්පාදන අඩු නොවේ

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමත් සමග තේ කෝප්පයක මිල රුපියල් 5 කින් හෙට සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ ඒ සදහා පාලන මිලක් පැනවීමට ද රජය කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමීමක් සිදුනොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා.
පසුගියවර ගෑස් මිල වැඩිවූ අවස්ථාවේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකළ බැවින් මෙලෙස මිල අඩුවුවත්, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවයි ඔහු පෙන්වා දුන්නේ.