තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබඳ අධ්‍යයනයක් කර ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව පිළිබඳ අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එල්.පී. විජේවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් මෙම කමිටුවට ඇතුළත්.
තේ කර්මාන්තය ආශ්‍රිත ව පැණ නැගී ඇති ගැටලූවලට විසඳුම් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹීම සහ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි.
මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට මතුව ඇති බාධා සහ තේ අපනයනයේ දී මතුව ඇති ගැටලූ පිළිබඳව ද මෙම හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
