Gossips

තේ කර්මාන්තයට හොඳ කලක්

ඉදිරි දශකය තුළ ගෝලීය තේ පරිභෝජනය සහ නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ චීනය සහ ඉන්දියාවෙන් වර්ධනය වන ඉල්ලූම ඊට ප්‍රධාන හේතුව බවයි.
එමෙන්ම තේ පරිභෝජනය වර්ධනය වීම, තේ නිෂ්පාදනය කරන රටවල ආදායම් ඉහළ යාමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණුවීමට හේතු වනු ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කළා.
ගෝලීය තේ නිෂ්පාදනය ඉදිරි දශකය තුළ වාර්ෂිකව සියයට 2.2 බැගින් වර්ධනය වී 2027 වන විට ටොන් මිලියන 4.4 දක්වා ඉහළ යනු ඇති බව එමගින් අනුමාන කරනවා.
එහිදී චීනයේ, කෙන්යාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද තේ නිෂ්පාදනය ඉහළ යනු ඇති.