Gossips

තේ අපනයනය ඔක්තෝම්බරයේදී පහත බසී

මෙරට තේ අපනයනයන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 23.3ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 8කින් පහත වැටී තිබෙනවා.
කඳුකරයේ, මැදිරට සහ පහතරට තේ වර්ග සියල්ලේම තේ තොග, ඇසුරුම් සහ මළු යන සියළු අංශ මෙහිදී පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළා.
පසුගිය වසරේ ඔක්තෝම්බරය හා සසදන විට මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී තේ තොග අපනයනය සියයට 12කින් ද, ඇසුරුම් සියයට 6කින් සහ තේ මළු සියයට 5කින් පහත වැටී තිබෙනවා.