Gossips

තේ අපනයනයේ වර්ධනයක්

මෙරට තේ අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරනවා.
අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 20 යි දශම 8 ක් අපනයනය කළ අතර, එහිදී ලද ආදායම රුපියල් බිලියන 17 යි දශම 1 ක්.
ජනවාරි සිට අප්‍රේල් කාලය සැලකූ විට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 89 යි දශම 7 ක් අපනයනය කර ඇති අතර, පසුගිය වසරට සාපේ්ක්ෂව එය කිලෝග්‍රෑම් මිලියන 1 යි දශම 2ක වර්ධනයක් බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 74 යි දශම 1 ක් උපයා තිබෙනවා.
එම කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වැඩිම තේ ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ ඉරාකයයි.
තුර්කිය, රුසියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිරියාව, චීනය සහ අසර්බයිජානය ඊළගට වැඩි වශයෙන් ශ්‍රී ලංකා තේ මිලදී ගත් රටවල්.