Gossips

තේරීම් සම්බන්දයෙන් සෑහීමකට පත්වෙන්න බෑ- ලෝක කුසලාන සංචිතය ගැන අර්ජුන කතා කරයි

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (18) ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්න හටයි.
ඊයේ (18) ප්‍රකාශයට පත් කළ මෙම සංචිත සම්බන්දයෙන් ශ්‍රී ලංක ක්‍රිකට් හිටපු නායකයෙක් වන අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් දක්වා සිටියා.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙම තේරීම් සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවයි.
පරිනත ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ ස්ථානයන් අහිමිවීම සම්බන්ධයෙන්ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ලෝක කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට සුබ පතන බවයි.