කථානායක කරූ ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අද නම් කරනු ලැබුවා.
මෙලෙස නම් කෙරුණේ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දායි.
කථානායකවරයාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
මීට පෙර තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 12 දෙනෙකු පත්කර තිබුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ සහ එස්.බී. දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් නම් කරනු ලැබුවා.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් පත් කෙරුණා.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඊට නම් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජායි.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තේරීම් කාරක සභාව නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.
