Gossips

තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ නියෝජිතයින් නම් කිරීම අද – ආණ්ඩුවට බහුතරය දිය නොහැකි බව විපක්ෂය කියයි

ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද දිනයේ ආණ්ඩු පක්ෂයෙන් නම් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් භාර දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ද එක්ව තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට අදාළ නාම ලේඛනය භාරදීමට බලාපොරොත්තු වන බවයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, පත් කිරීමට නියමිත නව තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් වැඩි නියෝජනයක් ලබාදෙන ලෙසට කර ඇති ඉල්ලීමට එකඟ විය නොහැකි බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු කියා සිටියේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ ප්‍රතිශතය අනුව අදාළ කාරක සභාවට සාමාජිකයින් පත් කරනු ඇති බවයි.
තේරීම් කාරක සභාවක් කථානායකවරයා ඇතුළු 12 දෙනෙකුගෙන් සැදුම් ලබනවා.