Gossips

තේරීම් කමිටු ප්‍රධානියාගෙන්,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනාවක්

දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරගයක් නොමැතිවීම අතිශය ගැටලූකාරි තත්ත්වයක් බව තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඕස්ට්‍රේලියානු සංචාරය අවසන්වී දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සතියක කාලයක් තිබුණද පුහුණු තරගයක් ඉල්ලා සිටීමට ශීී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැති බවයි.
ඕස්ට්‍රේලියාවේ සහ නවසිලන්තයේ වේගවත් තණතීරුවල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළද දකුණු අප්‍රිකාවේ දේශගුණයට හැඩගැසීම සදහා පුහුණු තරගයක ක්‍රීඩා කිරීම වැදගත් බව තේරිම් කමිටු සභාපතිවරයා කියා සිටියා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඩර්බන්හි දි ලබන 13 වනදා ආරම්භවීමට නියමිතයි.