Gossips

තෙවැනි ඇස ගැටුණු අනතුර

හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ බදුල්ල දෙස සිට හාලිඇල දෙසට ගමන් කළ යතුරුපැදියක් එකිනෙක හැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ත්‍රිරෝද රථය අසල තිබූ ඉන්ධන පිරවුම්හලක් වෙත් හැරවීමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
සිදුවූ අනතුර ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.