Gossips

තෙවැනි ඇසේ සටහන් වූ ස්වර්ණාභරණ වංචාව

ස්වර්ණාභරණ වෙළඳසැල් වෙත ගොස් ව්‍යාජ ස්වර්ණාභරණ ලබා දී රන් භාණ්ඩ රැගෙන යන කාන්තාවක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම කාන්තාව වෙළඳසැලට පැමිණ ඇය සතුව ඇති ව්‍යාජ රන් භාණ්ඩ ලබා දී පැල්මඩුල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 80000ක් පමණ වටිනා රන් ආභරණ රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුව වෙළඳසැල් හිමිකරුවන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ලබා දුන් රන් ආභරණ ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවයි.
මෙවැනි සිදුවීම් කිහිපයක් රත්නපුර සහ කහවත්ත යන ප්‍රදේශවල ද පසුගිය දින කිහිපයේ වාර්තා වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල සහ රත්නපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
පැල්මඩුල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකට සැකකාර කාන්තාව පැමිණ ගනුදෙනු කරන ආකාරය එම සිද්ධිය වෙළඳසැලේ සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.