Gossips

තෙවැනි ඇසට හසු වූ නොසිතූ සොරකම – වීඩියෝ සහිතයි

CCTV කැමරාවේ සටහන් වූ කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම
සංවිධානාත්මක කාන්තාවන් කණ්ඩායමක් විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පාදුක්ක නගරයට පැමිණෙන කාන්තාවන් ඉලක්කකර ගනිමින් මෙම සංවිධානාත්මක කාන්තාවන් පිරිස සොරකම් සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මොවුන් විසින් කාන්තාවන්ගේ ගමන් මලුවල ඇති මුදල් සහ වටිනා දෑ ඉතා සූක්ෂම ලෙස සොරාගන්නා බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පාදුක්ක පොලිසිය වෙත ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන ආසන්නතම සිදුවීම පාදුක්ක නගරයේ රෙදිපිළි අලෙවි සැලකින් පසුගියදා වාර්තා වී තිබෙනවා.
කාන්තාවන් දෙදෙනක් එක්ව වෙළඳසැලට පැමිණෙන වෙනත් කාන්තාවකගේ ගමන් මල්ලේ ඇති මුදල් සොරා ගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාව සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.