Gossips

තෙල් හිඟයක් නෑ

අවශ්‍ය තරම් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධනහල්වල පෙර මිලටම ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බවයි.
ලංකා අයි. ඕ.සී. සමාගම ඩීසල් රුපියල් 5කින් සහ පෙට්‍රල් රුපියල් 9කින් ඉහළ දැමීමත් සමඟ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීමට පෙළඹීමත් සමඟ එම ඉන්ධනහල්වල ඉන්ධන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න මේ බව කියා සිටියා.
පැරණි මිල ගණන්වලටම ඉන්ධන ලබාදීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී .ජේ. රාජකරුණා සඳහන් කළේ ඊයේ (26) මධ්‍යම රාත්‍රිය දක්වාම මුතුරාජවෙලින් සහ සපුගස්කන්දෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකළ බවයි.