Gossips

තෙල් සංස්ථා මූලස්ථානයේ දී වෙඩි තැබූ ඇමති ආරක්ෂකයාට ඇප

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණයෙන් ඔහු කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී නියෝග කළේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමටයි.
එමෙන්ම, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් සිදුකළහොත් ඇප අවලංගු වන බවද ප්‍රකාශ කළා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 28 වනදා හිටපු අමාත්‍යවරයාගේ මෙම ආරක්ෂක නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත් වුණා.