එළැඹෙන බදාදා දිනය වනවිට ගෙවිය යුතු හිඟ මුදල් ලබා නොදුනහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සදහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයට ද ගෙවිය යුතු හිඟ මුදල් සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බවයි.
ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 12ක් බව සඳහන්.
