ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 12ක මුදලක් ගෙවීමට ඇති බව අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ ප්‍රකාශ කළා.
ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 55ක මුදලක් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම අසීරු බවත්, සංස්ථාව ලබා ගත් ණය වෙනුවෙන් රුපියල් බිලියනයක පොලී ගෙවීම් ද සිදුවන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.


