තෙල් වර්ජනය සම්බන්ධයෙන් ගත් අවසන් තීරණය මෙන්න "
තෙල් වර්ජනය අවසන්
අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමටයි එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
වර්ජනය සදහා කොළොන්නාව, සපුගස්කන්ද, මුතුරාජවෙල තෙල් බෙදාහැරීමේ සහ තොගතෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටියා.