Gossips

තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් අනුවයි – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම හේතුවෙන් මැයි පළමු වනදාට ප්‍රථම තෙල් මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජයට සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ හේතුවෙන් ඛනිජ තෙල් ආශ්‍රීත සියලු නිෂ්පාදනයන් හි මිල ඉහළ යාමක් ඉදිරියේදි සිදුවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
2020 වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම ශ්‍රී ලංකාවට බලපාන බව ද ඔහු කියා සිටියා.