Gossips

තෙල් මිල වෙනස් කරන කමිටුව රැස්වේ

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද පස්වරුවේ රැස්වුණා.
ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදා මිල කමිටුව රැස්වනවා.
දැනට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 51.7 ක් ලෙසටයි.
පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා පහත දැමුණා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 කටත් දැනට අලෙවි වනවා.
එමෙන්ම, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 ක්.